Gossips

නවාස් ශරීෆ්ට හමුදා සහය ලැබුණු බවට ඉම්රාන් ඛාන්ගෙන් චෝදනා

2013 මහ මැතිවරණයේදී නවාස් ශරීෆ් පාකිස්ථාන අගමැති ධුරයට පත්වූයේ හමුදා සහයෙන් බවට එරට විපක්ෂ පී.ටී.අයි පක්ෂයේ නායක හිටපු ක්‍රිකට් ක්‍රීඩක ඉම්රාන් ඛාන් පවසනවා.
ඉස්ලාමාබාද් නුවරදී ඔහු ප්‍රකාශ කළේ විශේෂයෙන් පන්ජාබ් ප්‍රාන්තයේ ජයග්‍රහණය සඳහා පාකිස්ථාන හමුදාවේ බ්‍රිගේඩියර්වරයෙකු මෙලෙස සහය ලබාදී ඇති බවයි.
පාකිස්ථානයේ ජනාකීර්ණතම මෙන්ම වඩාත්ම සශ්‍රික ප්‍රාන්තය වන පන්ජාබය එරට මැතිවරණ ජයග්‍රහණයකදී තීරණාත්මකයි.
කෙසේ නමුත්, ඉම්රාන් ඛාන් වැඩිදුරටත් කියා සිටියේ පාකිස්ථාන හමුදාව සහ අධිකරණය දැන් ස්වාධීන බැවින් නවාස් ශරීෆ්ගේ ඉදිරි ක්‍රියාකාරකම් වැළැක්වීමට හැකිව ඇති බවයි.
හිටපු අගමැතිවරයා පාකිස්ථාන රජයේ තනතුරු දැරීම වළක්වාලන නියෝගයක් එරට ශ්‍රේෂ්ඨාධිකරණය පසුගියදා නිකුත් කළා.