Gossips

නවසීලන්ත ප්‍රහාරයේ මරණ සංඛ්‍යාව 49 දක්වා ඉහළට

නවසීලන්තයේ ක්‍රයිස්චර්ච් නුවර මුස්ලිම් දේවස්ථාන දෙකකට අද එල්ල වූ ප්‍රහාරයේදී මියගිය සංඛ්‍යාව 49 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
තවත් 48 දෙනෙකු මෙහිදී තුවාල ලබා ඇති අතර, ඉන් 20 දෙනෙකුගේ පමණ තත්ත්වය බරපතල බව සදහන්.
වෙඩි තැබීමේ සිද්ධීන් සම්බන්ධයෙන් කාන්තාවක් ඇතුළු 4 දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබූ අතර ඉන් එක් අයෙක් ඕස්ට්‍රේලියානු ජාතිකයෙක්.
ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් ප්‍රකාශ කළේ අත්අඩංගුවට ගත් ඕස්ට්‍රේලියානුවා දක්ෂිණාංෂික අන්තවාදියෙකු බවයි.
බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම ද ප්‍රහාරයට ලක් වූ එක් දේවස්ථානයක් වෙත බස් රථයකින් ගොස් ඇති අතර, ඔවුන් දේවස්ථානයට ඇතුළු වීමට සැරසෙන මොහොතේදීයි ප්‍රහාරය එල්ල වී ඇත්තේ.
කෙසේ නමුත්, ඔවුන් සියලූදෙනාම නිරුපද්‍රිතව නැවත තම හෝටලය වෙත ගොස් තිබෙනවා.
එහෙත්, ක්‍රයිස්චර්ච් හිදී හෙට ආරම්භ වීමට නියමිතව තිබූ බංග්ලාදේශ, නවසීලන්ත තුන්වන සහ අවසාන ටෙස්ට් තරගය මෙම සිද්ධිය නිසා අවලංගු කෙරුණා.