Gossips

නවසීලන්ත ප්‍රහාරයේ ප්‍රචාරය වැළැක්වීමට නොහැකිවීම ගැන සමාජ මාධ්‍යවලට චෝදනා

පුද්ගලයන් 49 දෙනෙකුට මරු කැදවමින් නවසීලන්තයේ ක්‍රයිස්චර්ච් නුවර මුස්ලිම් දේවස්ථාන දෙකකට එල්ල වූ ප්‍රහාරය එහි ප්‍රධාන ප්‍රහාරකයා වූ බ්‍රෙන්ටන් හැරිසන් ටැරන්ට් විසින් සජීවි ලෙස සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කිරීම වැළැක්වීමට නොහැකිවීම ගැන එම මාධ්‍ය වෙත චෝදනා එල්ල වනවා.
ඔහු විසින් අන්තර්ජාලයට එක් කළ විනාඩි 17ක සජීවි වීඩියෝව පැය 10ක් තිස්සේ සංසරණයවීමෙන් අනතුරුවයි එය ඉවත් කිරීමට හැකි වී ඇත්තේ.
එය පැයක් තුළ දී 23,000 වරක් නරඹා ඇති අතර, ඉවත් කිරීමට හැකි වී ඇත්තේ පුද්ගලයන් දෙලක්ෂ 39,924 දෙනෙකු නැරඹීමෙන් අනතුරුවයි.
නවසීලන්ත බලධාරීන් දැනුම් දීමෙන් අනතුරුව එය කඩිනමින් ඉවත් කිරීමට කටයුතු කළ බව ෆේස්බුක් සමාගම ප්‍රකාශ කර ඇති අතර, ගූගල් සතු You Tube චැනලය වීඩියෝව ඉවත් කර ඇත්තේ ඇගයීමකට ලක් කිරීමෙන් අනතුරුවයි.
බ්‍රිතාන්‍යය, ස්වදේශ කටයුතු ලේකම් සජිද් ජාවිඩ් කියා සිටියේ මෙවැනි අන්තවාදී ප්‍රචණ්ඩ ක්‍රියා ප්‍රවර්ධනය කිරීම වැළැක්වීමට සමාජ මාධ්‍ය වැඩි අවධානයක් යොමු කළ යුතු බවයි.