Gossips

නවසීලන්ත ප්‍රහාරයට පිළිතුරු දෙමින් කලකට පසු පිටිය දෙවනත් කරමින් කුසල්ගෙන් සුපිරි ශතකයක්

නවසීලන්තය සහ ශ්‍රී ලංකාව අතර පළමු එක්දින තරඟයේ පිළිතුරු ඉනිම ක්‍රීඩාකරන ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් අගනා ඉනිමක් ක්‍රීඩා කරන කුසල් ජනිත් සිය 4 වන ශතකය වාර්තා කළා.
කුසල් ජනිත් නොදැවී ලකුණු 102 ක් ලබා පන්දුවට පහරදෙමින් සිටිනවා.
ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 44 ක් අවසානයේ කඩුලු 6 ක් දැවී ලකුණු 295ක් ලබාගෙන පන්දුවට පහරදෙමින් සිටිනවා.
තරඟයේ කාසියේ වාසිය දිනා ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම කඩුලු 7 ක් දැවී ලකුණු 371 ක් රැස්කළා.