Gossips

නවසීලන්ත ප්‍රහාරයට ගොදුරුවූවන්ගේ පවුල්වලට සහය වන්න අරමුදලක්

පසුගිය මාර්තු 15 වනදා නවසීලන්තයේ ක්‍රයිස්චර්ච් නුවර මුස්ලිම් දේවස්ථාන 2 කට එල්ලවූ ප්‍රහාරයෙන් මියගිය පුද්ගලයන්ගේ පවුල්වලට සහයවීම සඳහා පිහිටවූ අරමුදලට මේ වනවිට නවසීලන්ත ඩොලර් කෝටියකට වැඩි මුදලක් එක්රැස් වී තිබෙනවා.
එය ඇමරිකානු ඩොලර් 74 ලක්ෂයකට ආසන්න මුදලක්.
එම ආධාර ලබාදී ඇත්තේ නවසීලන්තවාසීන් 91,000කට වැඩි පිරිසක් විසින්.
ඊට අමතරව ඔවුන්ට සහය වීම සඳහා අන්තර්ජාලය ඔස්සේ ගෝලීය වශයෙන් දියත් කර ඇති අරමුදලට ද නවසීලන්ත ඩොලර් 83 ලක්ෂයක් පමණ එක්රැස් වී ඇති බව සඳහන්.