Gossips

නවසීලන්ත ත්‍රස්ත ප්‍රහාරය ජනපති, අගමැති සහ විපක්ෂ නායක හෙළා දකී

පුද්ගලයන් 49 දෙනෙකු ජීවිතක්ෂයට පත් කරමින් තවත් 40කට වැඩි පිරිසකට තුවාල සිදුකරමින් නවසීලන්තයේ ක්‍රයිස්චර්ච් නුවර මුස්ලිම් දේවස්ථානවලට එල්ල වූ බියගුළු ත්‍රස්ත ප්‍රහාරයෙන් තමන් දැඩි කම්පාවටත්, ශෝකයටත් පත්වූ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.
ප්‍රහාරයෙන් විපතට පත් පුද්ගලයන්ගේ පවුල්වලට තම ශෝකය පළ කරන බවත්, ජනාධිපතිවරයා ට්විටර් පණිවුඩයක් මගින් සඳහන් කළා.
දක්ෂිණාංශික සන්නද්ධ පුද්ගලයන් හෝ ආගමික අන්තවාදීන් වුවද යුක්තිසහගත ලෝකය සියළු ආකාරයේ ත්‍රස්ත ප්‍රහාර හෙළා දකින බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ.
නවසීලන්ත ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ට්විඩර් පණිවුඩයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළේ සාමය, බහුවර්ගවාදය සහ සාධාරණත්වය පිළිබඳ ඉතිහාසයක් සහිත නවසීලන්තයට මේ අවස්ථාවේ තම සහය මෙන්ම ශෝකය පළ කරන බවයි.
මෙම සිද්ධියෙන් එම අගයන් විනාශ කිරීමට නවසීලන්ත ජනතාව ඉඩ ලබානොදෙන බවට සහතික යැයි අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියා.
නවසීලන්තයේ මුස්ලිම් දේවස්ථානවලට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් විපතට පත්වූවන්ගේ පවුල් වෙත තම සාතිශය සංවේගය පළ කරන බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ විසින් ද ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කළා.