Gossips

නවසීලන්ත අගමැතිනිය, ක්‍රයිස්චර්ච් වෙඩි තැබීමට ප්‍රතිචාර දක්වයි

නවසීලන්තයේ ක්‍රයිස්චර්ච් නුවර අද සිදුවූ වෙඩි තැබීම් එරට අඳුරුතම දිනයක් සලකුණු කරන බව අගමැතිනී යසින්ඩා ආර්ඩ්න් ප්‍රකාශ කළා.
වෙඩි තැබීම් සිදුවූ මුස්ලිම් දේවස්ථාන සියල්ල ආරක්ෂක අංශ විසින් වටලා ඇති අතර, එක් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති බවත් ඇය සඳහන් කළා.
කෙසේ නමුත්, එහිදී සිදුවූ මරණ සංඛ්‍යාව පිළිබදව නවසීලන්ත පොලීසිය හෝ අගමැතිනිය නිළ ප්‍රකාශයක් සිදුකර නැහැ.
නිළ නොවන වාර්තා සඳහන් කළේ තුවාල ලැබූ 40කට වැඩි සංඛ්‍යාවක් රෝහල් ගත කෙරුණු අතර, ජීවිත හානි රැසක් සිදුව ඇති බවයි.
මෙම ප්‍රහාරය සිදුවූ එක් දේවස්ථානයක සිටි බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම නිරුපද්‍රිතව ඉන් ඉවත්ව යාමට සමත් වුණා.
මේ අතර ඝාතකයා විසින් අදාළ සිදුවීමෙන් අනතුරුව සජීවීව ෆේස්බුක් වෙත එක්කළ දර්ශන පෙළක් පහතින්