Gossips

නවසීලන්තය ස්වයංක්‍රීය ගිනි අවි තහනම් කිරීමට සැරසේ

සුදු අන්තවාදියෙකු වූ බ්‍රෙන්ටන් ටැරන්ට් මුස්ලිම් ජාතිකයන් ඉලක්ක කරගෙන ක්‍රයිස්චර්ච් නුවර දේවස්ථාන දෙකකට එල්ල කළ ප්‍රහාරයෙන් පසු සිය රටේ ගිනි අවි පිළිබද නීති රීති දැඩි කිරීමට නවසීලන්තය සැරසෙනවා.
පුද්ගලයන් 49 දෙනෙකුට මරු කැදවූ ප්‍රහාරය සඳහා යොදා ගත් ගිනි අවි 28 හැවිරිදි ප්‍රහාරකයා විසින් නීත්‍යානුකූල ලෙස ලබාගෙන ඇති බව හෙළිවීම ඊට හේතුවයි.
ප්‍රහාරය සඳහා ගිනි අවි 5ක් යොදා ගත් ඔහු වෙඩි තැබීමේ ක්‍රීඩා සමාජයක ද සාමාජිකයෙක්.
නවසීලන්තයේ දැනට පවතින නීතිය අනුව ඕනෑම පුද්ගලයෙකුට ඩොලර් 25ක මුදලක් ගෙවා ගිනි අවි බලපත්‍රයක් ලබාගත හැකියි.
අග්‍රාමාත්‍ය ජසින්ඩා ආඩන් සඳහන් කළේ ස්වයංක්‍රීය ගිනි අවි තහනම් කිරීම පිළිබද අවධානය යොමුව ඇති බවයි.