Gossips

නවසීලන්තය ලකුණු 371 ක් රැස්කරයි

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පළමු එක්දින තරඟයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් නවසීලන්තය කඩුලු 7ක් දැවී ලකුණු 371ක් රැස්කරගත්තා.
එහිදී සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ මාටින් ගප්ටිල් ලකුණු 138 ක් රැස්කරගත්තා.
ඒ පන්දු 139 කදී හයේ පහර 5 ක් සහ හතරේ පහර 11 ක් සමඟයි.
කේන් විලියම්සන් පන්දු 74 කදී හතරේ පහර 6 ක් සමඟින් ලකුණු 76 ක් රැස්කරගත්තා.
ටේලර් අගනා ඉනිමක් ක්‍රීඩා කරමින් ලකුණු 54 ක් රැස්කරගත්තා.
කෙසේ වෙතත් අවසානයේ පිටියට පැමිණි ජේම්ස් නීෂම් ගේ ප්‍රවේගකාරී පිතිහරඹය වෙත ලෝකයේම අවධානය යොමුවූවා.
එහිදී අවසන් පන්දුවාරයට පෙර පන්දුවාරය යොමුකළ තිසර පෙරේරාට දරුණු ප්‍රහාරයක් එල්ලවූවා.
එම පන්දුවාරය සඳහා නවසීලන්ත කණ්ඩායමට එක්වූ ලකුණු සංඛ්‍යාව 34 ක්.
එය එක්දින තරඟයකදී පිතිකරුවෙක් විසින් එක් පන්දුවාරයකදී රැස්කළ සිව්වන වැඩිම ලකුණු ප්‍රමාණයයි.

පන්දු 13 කදී දැවැන්ත හයේ පහර 6 ක් සමඟින් ජේම්ස් නීෂම් රැස්කළ ලකුණු සංඛ්‍යාව 47 ක්.
පන්දු යැවීමේදී මාලිංග, නුවන් ප්‍රදීප්, තිසර පෙරේරා කඩුලු 2 බැගින් දවාගත්තා.
තරඟයේ නවසීලන්ත ඉනිමේ සම්පූර්ණ ලකුණු සටහන පහතින්.