Gossips

නවසීලන්තය පරදා ඉන්දියාවට ජයක්

නවසීලන්තය සමඟ පැවති දෙවන විස්සයි විස්ස තරඟය කඩුලු 07 කින් ජය ගැනීමට ඉන්දීය කණ්ඩායම අද සමත් වුණා.
තරඟයේ පළමුව පන්දුවට පහරදුන් නවසීලන්ත ක්‍රීඩකයින් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 08 ක් දැවී ලකුණු 158 ක් රැස් කළා.
ඉන්දීය ක්‍රීඩකයින් පන්දුවාර 18 යි පන්දු 5 ක් තුලදී කඩුලු 03 ක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය සපුරා ගත්තා.