Gossips

නවසීලන්තයේ ලැව් ගිනි

නවසීලන්තයෙන් දකුණුදිග නෙල්සන් නිම්නයේ හට ගෙන ඇති ලැව් ගිනි හේතුවෙන් පවුල් 100ක් පමණ ආරක්ෂිත ස්ථාන වෙත යොමුකර තිබෙනවා.
ලැව් ගිනි මැඩපැවැත්වීම සදහා හෙලිකොප්ටර් යානා 10 ක් සහ ගිනි නිවන භටයින් ද යොදවා ඇති බවයි විදෙස් වාර්තා සදහන් කළේ.
ලැව් ගිනි හේතුවෙන් නිවාස විශාල සංඛ්‍යාවකට ද හානි සිදුවී ඇති අතර ජීවිත හානි පිළිබදව මෙතෙක් වාර්තා වී නැහැ.
පවතින අධික සුළං තත්ත්වය හේතුවෙන් ගින්න මැඩපැවැත්වීම අසීරු වී ඇති බව ද විදෙස් වාර්තා සදහන් කළා.