නවසීලන්ත දකුණු දිවයිනේ නෙල්සන් නගරය ආසන්නයේ මීට දින 6 කට පෙර ආරම්භ වූ ලැව්ගින්න ප්රචන්ඩ වෙමින් වේක්ෆීල්ඩ් නගරය දක්වා පැතිරෙන බව වාර්තාවනවා.
මේ නිසා එහි හදිසි තත්ත්වයක් ප්රකාශයට පත් කර ඇති අතර, තුන්දහසකට අධික පිරිසක් නිවෙස්වලින් ආරක්ෂිත ස්ථාන කරා ගොස් ඇති බව සඳහන්.
අගමැතිනි ජසින්ඩා ආඩෙන් යහපත් කාලගුණයක් අපේක්ෂා කළද කාලගුණ අංශ සඳහන් කළේ අදත් තද සුළං අපේක්ෂා කරන නිසා තත්ත්වය අනතුරුදායක විය හැකි බවයි.
මෙය 1955 වසරෙන් පසු නවසීලන්තයේ ඇතිවූ දරුණුතම ලැව්ගින්න ලෙසයි සැළකෙන්නේ.
එය නෙල්සන් ප්රදේශය ආශ්රිතව වාසය කරන 70,000 කට අධික පිරිසක් අවදානමකට ලක්කර ඇති බව ප්රාදේශීය දේශපාලනඥයෙකු සඳහන් කළා.
ලැව්ගින්න නිවීම සඳහා හෙලිකොප්ටර් යානා 23 ක් සහ ගුවන් යානා දෙකක්ද යොදා ගැනෙනවා.