Gossips

නවසීලන්තයේ රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචා කිරීමේ ජාවාරමක්

මාතලේ ප්‍රදේශයේ වාසය කරන 70 හැවිරිදි කාන්තාවක් කලින් කලට දිවයිනේ විවිධ ප්‍රදේශවල ආගමික නායකයන් සමග සුක්ෂමව මිතුරුවන්නේ තමන් නවසීලන්තයේ පුරවැසිභාවය හිමි කාන්තාවක් ලෙස පෙනී සිටිමින්.
පසුව එම ආගමික ස්ථාන වෙත පැමිණෙන ජනතාවට නවසීලන්තයේ රැකියා ලබාදිය හැකි බව පවසමින් ඇය තම දඩයම ආරම්භ කරනවා.
මෑතකදී මෙම කාන්තාව නුවරඑළිය පුඩළුඔය ප්‍රදේශයේ පන්සලක හිමිනමක මාර්ගයෙන් තරුණ තරුණියන් 16 දෙනෙකුගෙන් රුපියල් ලක්ෂ 56 කට ආසන්න මුදලක් වංචා කිරීමට වහසි බස් දෙඩුවේ මෙලෙසයි.