Gossips

නවසීලන්තයේ ත්‍රස්ත ප්‍රහාරයෙන් මිය ගිය අය වෙනුවෙන් අනුස්මරණයක්

පුද්ගලයන් 50 දෙනෙකුට මරු කැදවමින් එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයට සති දෙකක් ගත වන අද නවසීලන්තයේ ක්‍රයිස්චර්ච් නුවර අනුස්මරණ උත්සවයක් පැවැත්වුණා.
ඊට අගමැතිනී ජසින්ඩා ආඩන් මෙන්ම එරට මුස්ලිම් නායකයන් සහ 20,000කට අධික පිරිසක් එක්ව තිබෙනවා.
1970 දශකයේදී මුස්ලිම් දහම වැළඳ ගත් බ්‍රිතාන්‍ය ගායක කැට් ස්ටීවන් ද ඊට එක්වීම විශේෂත්වයක්.
සාම්ප්‍රදායික නවසීලන්ත මයෝරි ඇඳුමකින් සැරසී අනුස්මරණ උත්සවයට සහභාගි වූ අගමැතිනී ජසින්ඩා ආඩන් කියා සිටියේ වෛරයේ සහ භීතියේ වෛරස සඳහා ප්‍රතිශක්තිකරණයක් නොමැති වුවත් නවසීලන්තය දැන් ඊට ප්‍රතිකර්මය හඳුනාගෙන ඇති බවයි.