සිය රට තුළ ක්‍රියාත්මක ගිනි අවි පිළිබඳ නීති වෙනස් කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවූ බව නවසීලන්ත අග්‍රාමාත්‍ය ජසින්ඩා ආඩන් ප්‍රකාශ කළා.
බ්‍රෙන්ටන් ටැරන්ට් නැමති පුද්ගලයෙකු පසුගිය සිකුරාදා මුස්ලිම් දේවස්ථාන දෙකකට එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 50 දෙනෙකු මියයෑමත් සමඟ එම නීති වෙනස් කරන බවටයි ඇය ප්‍රකාශ කළේ.
අදාළ ප්‍රහාරය සඳහා යොදාගත් ගිනි අවි මොහු අන්තර්ජාලය ඔස්සේ නීත්‍යානුකූලව ලබාගත් බවට හෙළිවීම මීට හේතු වී තිබුණා.
ප්‍රහාරයට ගිනි අවි 5 ක් සැකකරු විසින් යොදාගෙන තිබූ අතර, පසුව හෙළිවුණේ මොහු වෙඩි තැබීමේ ක්‍රීඩා සමාජයක සාමාජිකයෙකු බවටයි.