Gossips

නවසීලන්තයේ ක්‍රයිස්චර්ච් නුවර මුස්ලිම් දේවස්ථාන දෙකක වෙඩි තැබීම් – බංග්ලාදේශ ක්‍රිකට් පිළ බේරෙයි

නවසීලන්තයේ ක්‍රයිස්චර්ච් නුවර මුස්ලිම් දේවස්ථාන දෙකක වෙඩි තැබීමේ සිද්ධීන් වාර්තා වුණා.
සන්නද්ධ පුද්ගලයන් දෙදෙනෙකු එහි දේවස්ථානවලට ඇතුළු වී මෙලෙස වෙඩි තබා ඇති අතර, අවම වශයෙන් පුද්ගලයන් 6 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී ඇති බවයි වාර්තා වන්නේ.
ක්‍රයිස්චර්ච් රෝහල අසළ ද වෙඩි තැබීමක් වාර්තා වී ඇති අතර ඒ පිළිබද වැඩිදුර තොරතුරු මෙතෙක් ලැබී නැහැ.
නවසීලන්ත පොලීසිය ක්‍රයිස්චර්ච්වාසීන්ගෙන් ඉල්ලා සිටියේ නිවෙස්වල රැදී සිටින ලෙසයි.
අද වෙඩි තැබීම් වාර්තා වූ එක් දේවස්ථානයකට සංචාරක බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම ද ගොස් ඇති අතර, ඔවුන් අසළ වූ උද්‍යානයක් හරහා එම ස්ථානයෙන් කඩිනමින් ඉවත් ව යාමට සමත් වූ බව නවසීලන්ත මාධ්‍ය වාර්තා කළා.