Gossips

නවසීලන්තයේ අර්ධ ස්වයංක්‍රිය ගිනි අවි අලෙවිය සහ භාවිතය තහනම් කිරීමට පියවර

නවසීලන්තයේ සියලූම වර්ගයේ අර්ධ ස්වයංක්‍රිය ගිනි අවි අලෙවිය සහ භාවිතය තහනම් කරන බව අග්‍රාමාත්‍ය ජසින්ඩා ආඩන් පවසනවා.
බ්‍රෙන්ටන් ටැරන්ට් නැමති ඕස්ට්‍රේලියානු ජාතිකයෙකු පසුගිය සිකුරාදා ක්‍රයිස්චර්ච්හිදී මුස්ලිම් දේවස්ථාන දෙකකට එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 50 දෙනෙකු මියයෑමත් සමඟයි ඇය මෙම තීරණය ගැනීමට කටයුතු කර ඇත්තේ.
මෙම වෙඩි තැබීම සඳහා ප්‍රධාන සැකකරු අන්තර්ජාලය ඔස්සේ අර්ධ ස්වයංක්‍රිය ගිනි අවි 5 ක් නීත්‍යානුකූලව ලබාගත් බවටද තොරතුරු අනාවරණ වුණා.
ඒ අනුවයි මෙම ගිනි අවි අලෙවිය සහ භාවිතය තහනම් කිරීමට අදාළ පනත ලබන අප්‍රේල් 11 වනදා පාර්ලිමේන්තුවේ සම්මත කරගන්නා බවට අග්‍රාමාත්‍යවරිය මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කර ඇත්තේ.