Gossips

නවසීලන්තයට ඉනිමක ජයක්

සංචාරක බංග්ලාදේශ පිළ සමඟ පැවති දෙවන ටෙස්ට් තරඟයෙන් ද දැවැන්ත ජයග්‍රහණයක් වාර්තා කිරීමට නවසීලන්ත පිළ අද සමත් වුණා.
වෙලින්ටන් හිදී පැවති එම තරඟයේ පළමු ඉනිමේදී ලකුණු 211කට දැවී ගිය බංග්ලාදේශ පිළ දෙවන ඉනිමේදී රැස් කළේ ලකුණු 209ක් පමණයි.
නවසීලන්තය සිය මුල් ඉනිම සඳහා කඩුලූ 6ක් දැවී ලකුණු 432ක් රැස් කළා.
ඒ අනුව නවසීලන්ත පිළට මෙම තරඟයෙන් ඉනිමක සහ ලකුණු 12ක් ජයක් හිමි වනවා.
බංග්ලාදේශ පිළේ දෙවන ඉනිමේ කඩුලු 5ක් ලකුණු 45කට බිද හෙලීමට නීල් වැග්නර් සමත් වූ අතර, ටෙ‍්‍රන්ට් බෝල්ට් ලකුණු 52කට කඩුලු 4ක් බිද හෙලුවා.
තරඟයේ වීරයා ලෙස නම් කෙරුණේ නවසීලන්තය වෙනුවෙන් ලකුණු 200ක් රැස් කළ රොස් ටේලර්.
මෙම ජයග්‍රහණයත් සමඟ නවසීලන්තය බංග්ලාදේශට එරෙහි ටෙස්ට් තරගාවලිය දෙකට බිංදුවක් ලෙස ජයග්‍රහණය කරනවා.