ගංගාරාම විහාරස්ථානයේ නවම් පෙරහර හේතුවෙන් අද සහ හෙට යන දිනවලදී විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක බව පොලිස් මූලස්ථානය සඳහන් කළා.
ඒ අනුව රාත්‍රී 7 සිට පෙරහර අවසන් වන තෙක් ශ්‍රීමත් ජේම්ස් පීරිස් මාවතේ සහ කොම්පඤ්ඤවීදිය වට රවුමේ සිට පිත්තල හන්දිය දක්වා කොටසෙහි රථ වාහන ධාවනය සීමා කෙරෙන බවයි එම මූලස්ථානය නිවේදනය කළේ.
මේ හේතුවෙන් විකල්ප මාර්ග භාවිත කරන ලෙස ද පොලීසිය ජනතාවට දැනුම් දෙනවා.
