Gossips

නවම් පුර පසළොස්වක පොහෝ දිනය අදයි

ශාසනික වශයෙන් සුවිශේෂී සිදුවීම් රැසකට හිමිකම් කියන නවම් පුර පසළොස්වක පොහොය දිනය අදට යෙදී තිබෙනවා.
බුදුරජාණන් වහන්සේ, සැරියුත් මුගලන් මහ රහතන් වහන්සේට අග්‍රශ්‍රාවක තනතුරු පිරිනැමුවේ අද වැනි නවම් පුර පසළොස්වක පොහෝ දිනක වීම විශේෂයක්.
එහිදී සැරියුත් මහ රහතන් වහන්සේට ප්‍රඥාවන්තයින් අතර අග්‍රස්ථානයත්, මුගලන් මහ රහතන් වහන්සේට ඍද්ධිමතුන් අතර අග්‍රස්ථානයත් පිරිනැමූ බව බෞද්ධ ඉතිහාසයේ සඳහන් වනවා.