Gossips

නවම්පුර – හිරු ධර්ම ප්‍රදීපය ඓතිහාසික කන්ද උඩරට – ලේවැල්ල ගංගාරාම පුරාණ රජමහා විහාරස්ථානයේදී

අදට යෙදෙන නවම් පුර පසලොස්වක පොහොය වෙනුවෙන් හිරු ධර්ම ප්‍රදීපය වැඩසටහන පැවැත්වෙන්නේ ඓතිහාසික කන්ද උඩරට රාජධානියේ ලේවැල්ල – ගංගාරාම පුරාණ රජමහා විහාරස්ථානය කරගෙනයි.
ඒ අනුව සුවිශේෂි ආගමික වැඩසටහන් රැසක් හිරු එෆ්.එම්. ඔස්සේ ගෙන එනු ලබන්නේ සම්බුදු චරිතාපදානය මෙන්ම දහම් කරුණු බොහොමයක් පිළිබදව ශ්‍රාවක ඔබ දැනුවත් කරමින්.
අද නවම් පොහෝදා උදෑසන 6.00ට අෂ්ඨාංග ශීලයේ සමාදන් කරමින් හිරු ධර්මප්‍රදීපය ආරම්භ කෙරුනා.
එහිදී පිරිස අෂ්ඨාංග ශීලය සමාදම් කරමින් සහ ධර්මානුශාසනාව පවත්වනු ලැබුවේ ලේවැල්ල – ගංගාරාම විහාරධිකාරී පූජ්‍ය සරණංකර ස්වාමීන් වහන්සේ විසින්.
උදෑසන 07.30 සජීවි විශේෂ ධර්ම දේශනය අතිපුජ්‍ය පිටිගල ධම්ම විනීත ස්වාමින් වහන්සේ විසින් සිදුකරනු ලැබුවා.
විශේෂ ධර්ම සාකච්ජාව පෙරවරු 8.30 සිට 10.00 දක්වා පැවැත්වුණේ අතිපූජ්‍ය ශාස්ත්‍රපති සියඹලාගොඩ ධම්මින්ද ස්වාමීන් වහන්සේ, කොළඹ විශ්ව විද්‍යාලයේ ජනමාධ්‍ය අංශයේ ජනමාධ්‍ය පර්යේෂණ අංශ ප්‍රධානී ආචාර්ය ධර්ම කීර්ති ශ්‍රී රන්ජන් සහ ජනශ්‍රතිවේදී මහින්ද කුමාර දළුපොතගේ ප්‍රධානත්වයෙන්.
එමෙන්ම, උදෑසන 10.00 ට කාව්‍යමය ධර්ම දේශනය ආනන්ද තෙරුන්ගේ කථා වස්තුව විවරණය කරමින් කාව්‍ය විශාරද මස්සැන්නේ විජිත ස්වාමීන් වහන්සේ විසින් සිදුකරනු ලැබුවා.
දහවල් බුද්ධ පූජාමය පිංකමෙන් අනතුරුව ත්‍රිපිටකය සහ බෞද්ධ දර්ශනය පිළිබදව ධර්ම සාකච්ජාව හිරු ධර්ම ප්‍රදීපය වැඩසටහන පැවැත්වෙන ඓතිහාසික කන්ද උඩරට රාජධානියේ ලේවැල්ල – ගංගාරාම පුරාණ රාජමහා විහාරස්ථානයේ මේ වන විට පැවැත්වෙනවා.
ඒ, පූජ්‍ය වතුරුවිල සිරි සුජාත ස්වාමීන් වහන්සේ සහ පේරාදේ‚ය විශ්ව විද්‍යාලයේ කථීකාචාර්ය සේනාරත්න කාරියවසම් සමග ප්‍රවීන ජෝතිෂ්‍යවේදී නිශාන්ත පෙරේරාගේ ප්‍රධානත්වයෙන්.