Gossips

නවදිල්ලිය වායු දූෂණයෙන් අනතුරේ

ඉන්දියාවේ – නවදිල්ලි අගනුවර වායු දූෂණය තවදුරටත් අනතුරුදායක ලෙස ඉහළ ගොස් ඇති බව එරට පරිසර විද්‍යාඥයන් ප්‍රකාශ කර තිබෙනවා.
ඉදිරි දින දෙකේදී මෙහි අවදානම තවදුරටත් වර්ධනය වනු ඇති බවයි ඔවුන් ප්‍රකාශ කර ඇත්තේ.
ඒ වායු දූෂන දර්ශකයේ ඉහලින්ම පවතින බවට සිදුකළ පරීක්ෂණවලදී අනාවරණ වීම හේතුවෙන්.
මේ වනවිට නවදිල්ලියේ වායු දූෂණය, දුම්වැටි විස්සකින් නිකුත්වන දුමාරයකින් වන හානියට සමාන වන බව ඔවුන් වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ.
කාර්මීකරණය, රථවාහනවලින් නිකුත්වන දුමාරය, මෙම තත්ත්වයට හේතුවී ඇති බව ඔවුන් සඳහන් කර තිබෙනවා.
නවදිල්ලි නගරයේ ජනතාව මෙම වායු දූෂණය හේතුවෙන් පෙනහළු පිළිකා වැළඳීමේ දැඩි අවදානමකට ලක්වීමට ඉඩ ඇති බව වෛද්‍යවරුන් සඳහන් කර ඇත්තේ.