Gossips

නවදිල්ලියේ වායු දූෂණයෙන් වසරකට මරණ 15,000ක්

2016 වසරේ දත්තවලට අනුව ඉන්දියාවේ නවදිල්ලි නුවර වායු දූෂණය හේතුවෙන් පුද්ගලයින් 15,000කට ආසන්න පිරිසක් විවිධ රෝගාබාධවලට ගොදුරු වී මිය ගොස් තිබෙනවා.
එම අධ්‍යයනයට අනුව වායු දූෂණයෙන් වැඩිම මරණ සංඛ්‍යාවක් එනම්, මරණ 18,200ක් චීනයේ ෂැංහයි නුවරින් වාර්තා වන අතර, බීජිං නුවරින් මරණ 17,600ක් වාර්තා වුණා.
මිලිමීටර් 2.5ට වඩා අඩු විෂ්කම්භයකින් යුත් ධූලි අංශු මෙම වායු දූෂණයට වැඩි බලපෑමක් ඇති කරන අතර එමගින් කන්තුකවාහිනී රෝගය, පෙනහළු රෝග මෙන්ම පිළිකා වැලදිය හැකි අතර, එමගින් අකල් මරණ සිදුවිය හැකියි.