Gossips

නවගමුවේ ලැගුම්හලකින් පිළිස්සුණු මළ සිරුරක් හමුවෙයි

නවගමුව – ඉහළ බෝමිරිය ප්‍රදේශයේ පිහිටි ලැගුම්හලක නවාතැන්ගෙන සිටි පුද්ගලයෙකු සැකකටයුතු ලෙස පිළිස්සී මියගොස් තිබෙනවා.
අද පෙරවරුවේ එම මළ සිරුර සොයාගෙන ඇති අතර, මියගිය පුද්ගලයාගේ අනන්‍යතාව මෙතෙක් තහවුරු වී නැහැ.
ඔහු ඊයේ පස්වරුවේ තවත් පුද්ගලයෙකු සමඟ අදාළ ලැගුම්හලට පැමිණ කාමරයක් කුලියට ගෙන ඇති අතර, පස්වරු හතට පමණ අනෙක් පුද්ගලයා එම ස්ථානයෙන් පිටව ගොස් ඇති බවයි මෙතෙක් සිදුකළ විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ.