Gossips

නවගමුවේ ලැගුම්හලකදී පුද්ගලයෙකු පිලිස්සී මියයාම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු 13 දක්වා රිමාන්ඩ්

නවගමුව – ඉහළ බෝමිරිය ප්‍රදේශයේ පිහිටි ලැගුම්හලක නවාතැන්ගෙන සිටි පුද්ගලයෙකු සැකකටයුතු ලෙස පිළිස්සී මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් එම ලැගුම්හලේම සේවකයෙකු ලබන 13 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේ සැකකරු ඊයේ කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ බවයි.
පසුගිය 28 වනදා තවත් පුද්ගලයෙකු සමඟ මියගිය පුද්ගලයා අදාළ ලැගුම්හලට පැමිණ කාමරයක් කුලියට ගෙන නවාතැන් ගෙන තිබූ අතර ඊට පසුදා මොහුගේ පිලිස්සුණු මළ සිරුර හෝටල් කාමරය තුල තිබියදී සොයා ගත්තා.