Gossips

නවගමුවම කළඹමින් හෝටල් කාමරයකදී හැමෝම ආදරය කළ මල්ශාන්ගේ අභිරහස් ඝාතනය සිදුවූ හැටි මෙන්න

නවගමුවම කළඹමින් හෝටල් කාමරයකදී හැමෝම ආදරය කළ මල්ශාන්ගේ අභිරහස් ඝාතනය සිදුවූ හැටි මෙන්න "
පසුගියදා නවගමුව ප්‍රදේශයේ ලැඟුම්හලක තිබී හමුවූ අභිරහස් මල සිරුරේ අනන්‍යතාව හෙළිවී තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ නාරාහේන්පිට ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි මල්ෂාන් නමැති තරුණයෙක්.
ඔහු වෘත්තියෙන් ඡායාරූප ශිල්පියෙක් බවයි තොරතුරු අනාවරණ වී ඇත්තේ.
මේ අතර ඝාතනය සිදුව ඇති ආකාරය පිළිබඳව තොරතුරු රැසක් මේ වනවිට අනාවරණ වී ඇති බවයි පොලිසිය පවසන්නේ.
මෙය පෞද්ගලික ආරවුලක් මත සිදුවූ ඝාතනයක් බවටයි පොලිසිය සැකපලකරන්නේ.
එහිදී මියගොස් ඇති තරුණයාගේ ගෙළට තියුණු ආයුධයකින් පහරදී මෙම ඝාතනය සිදුකර ඇති බවටයි තොරතුරු හෙළිවී ඇත්තේ.
පසුව ඝාතකයා විසින් මියගොස් ඇති තරුණයාගේ සිරුර මෙට්ටයකින් ඔතා දමා තිබෙනවා.
පසුව එයට ගිනි තබා ඇති බවටයි තොරතුරු අනාවරණ කරගෙන ඇත්තේ.
මියගොස් සිටි තරුණයාගේ සිරුර හමුවීමට පෙරදින ඔහු තවත් අයෙකු සමඟ අදාළ ලැඟුම්හල වෙත පැමිණ ඇත බවයි වාර්තා වන්නේ.
අදාළ සිදුවීම වූ දින එම කාමරයෙන් දුම් පිටවනු දැක ඇති එහි සේවකයන් විසින් පොලිසිය දැනුවත් කිරීමෙන් අනතුරුව සිදුකළ සෝදිසි කිරීමකදීයි ගිනිගනිමින් තිබූ සිරුර හමුව ඇත්තේ.
ඒ වනවිටත් ඔහු සමඟ පැමිණි අනෙක් පුද්ගලයා එහි සිට නොමැති අතර පොලිසිය ඔහු සොයා පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.
නවගමුව පොලිසියයි සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරන්නේ.