Gossips

නවක වදය නැවැත්වීමට සරසවි සිසුන්ට ජංගම දුරකථන යෙදවුමක්

විශ්වවිද්‍යාලවල නවක වද සිද්ධීන්වලදී හිංසාවට සහ ලිංගික අතවරවලට ලක් වූ අවස්ථා 280 ක් පමණ වාර්තා වී ඇති බව උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විජේදාස රාජපක්ෂ ප්‍රකාශ කළා.
ඒ සරසවි තුළ නවක වදය නැවැත්වීමේ උපක්‍රමයක් ලෙස විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව මගින් හඳුන්වා දෙන ජංගම දුරකතන යෙදවුම හඳුන්වාදීමේ අවස්ථාවට කොළඹදී අද එක්වෙමින්.
මෙම යෙදවුම හරහා කිසියම් සරසවි සිසුවෙකුට නවක වදයට මුහුණදිමට සිදුවුවහොත් එහි ඇති විශේෂ බොත්තමක් යොදා ගෙන කෙටි පණිවුඩයක් යොමුකළ හැකියි.
අදාළ කෙටි පණිවුඩය විශ්වවිද්‍යාල උපකුලපතිවරයාට, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට සහ විනය භාර ආචාර්යවරයාට ස්වයංක්‍රීයව යොමුවනවා.
එමෙන්ම, අදාළ සිසුවා සිටින ස්ථානය ද එම කෙටි පණිවුඩයෙන් හඳුනා ගැනීමට හැකිවීම මෙහි විශේෂත්වයක්.