Gossips

නවක වදය ගැන විෂයභාර ඇමතිගේ ප්‍රකාශයට අන්තරෙන් පිළිතුරු

නවක වද පනත භාවිත කරමින් සරසවි සිසුන් සිරගත කිරීමේ කුමන්ත්‍රණයක රජය නිරතවන බවට අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලය චෝදනා කරනවා.
විශ්වවිද්‍යාල පද්ධතිය තුළ සිදුවන නවක වදය සම්බන්ධයෙන් සහ ශිෂ්‍ය ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් උසස් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ පසුගියදා ප්‍රකාශයක් සිදුකළා.
ඊට පිළිතුරු ලබාදීම සඳහායි අන්තර් විශ්වවිද්‍යාලයීය බල මණ්ඩලය කොළඹ අද මාධ්‍ය හමුවක් කැඳවා තිබුණේ.
උසස් අධ්‍යාපන අමාත්‍යවරයා පසුගියදා පැවැත්වූ මාධ්‍ය හමුවේදී පෙරටුගාමී සමාජවාදී පක්ෂයට ද දෝෂාරෝපණ එල්ල කරනු ලැබුවා.
ඊට පිලිතුරු ලබාදීමට කොළඹදී මාධ්‍ය හමුවක් කැඳවමින් පෙරටුගාමි සමාජවාදී පක්ෂය කියා සිටියේ අමාත්‍යවරයාට එරෙහිව අද දිනයේදි එන්තර වාසියක් යොමුකිරීමට සුදානම් බවයි.