පළමු වසරේ සිසුවියකට අමානුෂික ලෙස නවකවදය දීමේ චෝදනාවට අත්අඩංගුවට ගත් ගාල්ල – ලබුදූව උසස් තාක්ෂණ ආයතනයේ සිසුවියන් සිව්දෙනෙකු සහ සිසුවෙකු අද ඇප මත මුදාහැරුණා.
ඒ, ඔවුන් ගාල්ල අතිරේක මහේස්ත්රාත් අසංගා හෙට්ටිවත්ත හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
අක්මීමන පොලීසියට ලැබුණු පැමිණිල්ලක් මත සැකකාර සිසු සිසුවියන් පසුගියදා අත්අඩංගුවට ගත් අතර පසුව අද දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.
