නවකවදයට එරෙහි වූ බව කියන සිසුන් දෙදෙනෙකුට පහරදීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් වයඹ විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ සිසුන් 14 දෙනා මේ මස 28 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
ඒ, එම සිසුන් කුලියාපිටිය මහේස්ත්‍රාත් ජනනි එස්. විජේතුංග හමුවට ඊයේ (21) ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
පසුගිය දා සරසවි සිසුන් පිරිසක් විසින් සිදුකළ පහරදීමකදී ඔවුන් රෝහල් ගත කෙරුණා.
පසුව පොලීසිය ඊට සම්බන්ධ සිසුන් 14 දෙනෙකු ඊයේ (21) අත්අඩංගුවට ගනු ලැබූ අතර ඉන් අනතුරුවයි ඔවුන් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවේ.
