Gossips

නල්ලූර් කෝවිලේ දේව පූජාවට බැතිමතුන් විශාල පිරිසක් (ඡායාරූප)

යාපනය – නල්ලූර් කෝවිලේ පැවැත්වෙන දේව පූජාව සහභාගිවීම සඳහා ලක්ෂයකට ආසන්න බැතිමතුන් පිරිසක් එක්ව සිටිනවා.
මේ සඳහා ඉන්දියාවේ සිට පූජකවරුන් 500 ක් සහ බැතිමතුන් විශාල සංඛ්‍යාවක්ද පැමිණ ඇති බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ.
පසුගිය 15 වනදා ආරම්භ වූ නල්ලූර් කෝවිලේ වාර්ෂික දේව පූජාව ලබන මස 10 වනදා දක්වා පැවැත්වීමට නියමිතයි.
මෙම උත්සවය හේතුවෙන් නල්ලූර් කෝවිල අවට විශේෂ ආරක්ෂාවක්ද යොදවා තිබෙනවා.

ඡායාරූප – වව්නියාව, රොමේෂ් මදුසංක