Gossips

නරක් වූ පුවක් යැවූ සනත්, මුම්බායි බුද්ධි ඒකකයට කැඳවයි

නරක් වූ පුවක් තොගයක් ඉන්දියාවට එවීම සම්බන්ධයෙන් හිටපු ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසූරිය ඇතුළු තවත් ක්‍රිකට් ක්‍රීඩකයන් දෙදෙනකුට දෙසැම්බර් 23 දා මුම්බායිහි ඉන්දීය ආදායම් බුද්ධි ඒකකය හමුවේ පෙනී සිටින ලෙස එම ඒකකයේ අධ්‍යක්‍ෂවරයා විසින් නියෝග කර තිබෙනවා.
ඉන්දීය රුපියල් කෝටි ගණනක්‌ වටිනා මෙම පුවක්‌ තොගය නැන්පූර්හිදී අසු වී ඇති අතර මේ සිද්ධිය ඉන්දීය බලධාරීන් විසින් රජයට දන්වා ඇති බව සඳහන්.
ඉන්දීය මාධ්‍ය පැවසුවේ ශ්‍රී ලංකා රජයෙන් ලබාගත් බලපත්‍ර මත එම ක්‍රිකට්‌ ක්‍රීඩකයන් පුවක්‌ අපනයනයේ යෙදී ඇති බවයි.
ශ්‍රී ලංකාවේ පිහිටුවා ඇති ව්‍යාජ සමාගම් මඟින් පුවක්‌ තොග ඉන්දියාවට හොර රහසේ අපනයනය කරන බව ඉන්දීය ආදායම් බුද්ධි සේවාවේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ දිලිප් සිවාරේ ප්‍රකාශ කර තිබෙනවා.
ශ්‍රී ලංකාවේ සිට ඉන්දියාවට අපනයනය කරන පුවක්‌ සඳහා සියයට 108 ක බද්දක්‌ අය කෙරෙනවා.
මේ අතර ඉන්දීය මාධ්‍ය දක්‌වන්නේ එම ක්‍රිකට්‌ ක්‍රීඩකයන් ශ්‍රී ලංකා රජයට බලපෑම් කර ව්‍යාජ සමාගම් ස්‌ථාපිත කර ඇති බවයි.බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට එරෙහිව නීතිපතිවරයා විසින් අභියාචනාධිකරණයේ ගොනුකර තිබූ පෙත්සමක් අද ඉල්ලා අස්කර ගනු ලැබුවා.
කොළඹ මහාධිකරණය ලබා දුන් තීන්දුවක් අභියෝගයට ලක් කරමින් නීතිපතිවරයා විසින් ගොනුකර තිබූ අභියාචනයක් මෙලෙස ඉවත් කරගෙන තිබෙනවා.
2008 වසරේදී කොස්වත්ත – තලාහේන ප්‍රදේශයේදී කල්වාරි දේවස්ථානයකට බලහත්කාරයෙන් ඇතුළු වී අලාභ හානි සිදුකිරීම සම්බන්ධයෙන් බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ඇතුළු හිමිවරුන් 13 දෙනෙකු කොළඹ මහාධිකරණය නිදොස් කොට නිදහස් කළ අතර, එම තීන්දුවයි නීතිපතිවරයා විසින් අභියෝගයට ලක් කර තිබුණේ.
ඊට අදාළව විත්ති පාර්ශවය විසින් මූලික විරෝධතා ගොනුකර තිබූ අතර, එහිදී නීතිපතිවරයා විසින් තවදුරටත් අභියාචනය ඉදිරියට පවත්වාගෙන නොයන බව අධිකරණයට දැනුම් දුන්නා.
ඉන් අනතුරුව අභියාචනාධිකරණ විනිසුරුවරුන් වන දීපාලි විජේසුන්දර සහ අචල වෙන්ගප්පුලි ඊට අවසර ලබා දී තිබෙනවා.