මිනේරිය, ජයන්තිපුර ප්‍රදේශයේ නිවසකින් නයි පැටවුන් විසි තුන්දෙනෙකු හමුව තිබෙන බව අප වාර්තාකරු පවසනවා.
එම නිවසින් ඊයේ (29) දිනයේදී නයි පැටවුන් 15 ක් හමුව ඇති අතර අද (30) දිනයේ ද නයි පැටවුන් 8 ක් හමුව ඇති බවයි වාර්තාවන්නේ.
ඒ අනුව ඊයේ (29) හමු වූ නයි පැටවුන් 15 දෙනා ගිරිතලේ වනජීවී නිලධාරීන් වෙත භාර දී ඇති අතර අද (30) දිනයේ ද හමු වූ නයි පැටවුන් එම නිලධාරීන් වෙත භාරදීමට නියමිත බවයි සඳහන් වන්නේ.
කෙසේ වෙතත් අදාළ නිවසේ තවත් නයි පැටවුන් සිටීදැයි සොයා බැලීමට ප්‍රදේශවාසීන් එක්ව කටයුතු කරන බව අප වාර්තාකරු වැඩිදුරටත් ප්‍රකාශ කළා.
