Gossips

නයිජීරියාව, මැතිවරණය හදිසියේ කල් දමයි

අද ආරම්භවීමට නියමිතව තිබූ නයිජීරියාවේ ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණය හදිසියේම කල් දමා තිබෙනවා.
නයිජීරියානු ජාතික ස්වාධීන මැතිවරණ කොමිසම ප්‍රකාශ කළේ එම මැතිවරණ ලබන 23 සෙනසුරාදා පැවැත්වෙන බවයි.
අද දිනයේ මැතිවරණය පැවැත්වීමේ ශක්‍යතාවක් නොමැති බව මැතිවරණ කොමිසමේ සභාපති මහමුද් යකුබු සඳහන් කළා.
මැතිවරණය ආරම්භවීමට පැය 5 ක් තිබියදී එය කල් දැමීමට පියවර ගැනුනේ මැතිවරණ කොමිසම රැස්වී පැවැත්වූ හදිසි සාකච්ඡාවකින් අනතුරුවයි.
වැදගත් කරුණු කිහිපයක් හේතුවෙන් මැතිවරණය කල් දැමූ බව ප්‍රකාශ කළද එහි සභාපතිවරයා එම හේතුන් අනාවරණ කළේ නැහැ.
කෙසේ නමුත් පසුගිය සති දෙකක කාලය තුළ මැතිවරණ කාර්යාල රැසක් ප්‍රචන්ඩකාරී ලෙසින් ගිනිබත් කළ අතර, ඡන්ද කාඩ්පත් විශාල සංඛ්‍යාවක්ද විනාශ කර තිබෙනවා.