Gossips

නයිජීරියාවේ සිවිල් වැසියන් දහසක් මුදා ගනී

නයිජීරියානු සහ කැමරූන් ආරක්ෂක හමුදා චැඩ් විල් ප්‍රදේශයේ සිදුකළ ඒකාබද්ධ මෙහෙයුමකින් බොකෝ හරාම් සන්නද්ධ කණ්ඩායම් රදවාගෙන සිටි සිවිල් වැසියන් 1130 දෙනෙකු මුදා ගැනීමට හැකි වී තිබෙනවා.
එහිදී බොකෝ හරාම් සන්නද්ධ සාමාජිකයන් 37 දෙනෙකු ද අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.
චැඩ් විල පිහිටා ඇත්තේ නයිජීරියාව, කැමරුන්, නයිජර් සහ චැඩ් රාජ්‍යයන්හි දේශසීමාවේයි.
මෙහෙයුමේදී බොකෝ හරාම් කඳවුරු රැසක්ම විනාශ කළ අතර, ගුවන් නාශක අවි ඇතුළු අවි ආයුධ රැසක්ම සිය භාරයට ගත් බවයි නයිජීරියානු හමුදා ප්‍රකාශකයා සඳහන් කළේ.