Gossips

නයිජීරියාවේ ප්‍රධාන විපක්ෂය ජනාධිපතිවරණ මැතිවරණ ව්‍යාපාරයෙන් තාවකාලිකව ඉවත් වේ

නයිජිරියාවේ ප්‍රධාන විපක්ෂය පෙබරවාරි මස 16 වනදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සදහා සිදුකරන ප්‍රචාරක කටයුතු පැය 72 කට නවතා දැමීමට කටයුතු කර තිබෙනවා.
නයිජීරියාවේ වත්මන් ජනාධිපතිවරයා විසින් එරට අගවිනිසුරුවරයාව සිය ධුරයෙන් ඉවත් කිරීමට විරෝධය පළ කරමිනුයි විපක්ෂය මෙලෙස මැතිවරණ ව්‍යාපාරයෙන් තාවකාලිකව ඉවත්ව ඇත්තේ.
අගවිනිසුරුවරයාට, එල්ල වන චෝදනාව වන්නේ නිවැරදි ආකාරයෙන් වත්කම් – බැරකම් ප්‍රකාශ නිකුත් නොකිරීම බවයි විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කළේ.
ඊට අදාළව අගවිනිසුරුවරයාට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස ද නියෝග කර තිබුණා.
කෙසේ වෙතත්, අගවිනිසුරුවරයා වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරුන් පෙන්වා දෙන්නේ අගවිනිසුරුවරයාට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට හැකියාවක් නොමැති බවයි.