Gossips

නයිජීරියාවේ ආගමික ගැටුමකින් 55 දෙනෙකු මරුට

නයිජිරීයාවේ කඩූනා ප්‍රාන්තයේ කසුවාන් මගානි නගරයේ සිදුවූ ආගමික ගැටුමකින් පුද්ගලයින් 55 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ ආගම් දෙකක සාමාජිකයින් අතර මෙම ගැටුම සිදුව ඇති බවයි.
පොලීසිය මැදිහත් වී ගැටුම සමථයකට පත් කර ඇති අතර, එහිදී පුද්ගලයින් 22 ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මේ වන විට කසුවාන් මගානි නගරයට ඇඳිරි නීතිය ද පනවා තිබෙනවා.