Gossips

නයිජීරියානු සහ ඇමරිකානු ජනපතිවරුන් අතර හමුවක්

නයිජීරියානු ජනාධිපති මුහම්මදු බුහාරි, ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ධවල මන්දිරයේදී අද මුණ ගැසෙනවා.
අප්‍රිකානු නායකයෙකු, ඩොනල්ඩ් ට්‍රම්ප් ජනපති ධුරයට පත්වීමෙන් පසු හමුවන ප්‍රථම අවස්ථාවද මෙයයි.
මෙම හමුවේදී ආර්ථික සහ ආරක්ෂක කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා වනු ඇති අතර එහිදී නයිජිීරියාවේ බොකෝහරාම් ත්‍රස්ත කල්ලිය පිලිබඳවද අවධානය යොමුවනු ඇති.
කෙසේ වෙතත්, පසුගියදා ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් විසින් අප්‍රිකානු රටවල සංක්‍රමණිකයන් අපහාසයට ලක් කිරීම හේතුවෙන් මෙම හමුව පිළිබඳව විශේෂ අවධානයක් යොමුවී තිබෙනවා.