Gossips

නයිජර් රාජ්‍යයේ ගැහැණු ළමයින් 15 දෙනෙකු පැහැරගෙන යයි

සන්නද්ධ පුද්ගලයින් පිරිසක් විසින් බටහිර අප්‍රිකානු නයිජර් රාජ්‍යයේ ටුවමෝර් නගරයේ සිටි ගැහැණු ළමයින් 15 දෙනෙකු පැහැරගෙන ගොස් තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඊයේ රාත්‍රියේදී ආයුධ සන්නද්ධව පැමිණි පුද්ගලයින් 50 දෙනෙකු පමණ මෙම ගැහැණු ළමයින් පැහැරගෙන ගොස් ඇති බවයි.
මීට අමතරව නයිජර් රාජ්‍යයේ ටුවමෝර් නගරයේ ප්‍රංශ සමාගමක සේවයේ නියුතුව සිටි සේවකයින් 8 දෙනෙකුද ඊයේ බොකෝහරාම් සටන්කාමීන් ඝාතනය කර තිබුණා.