මුලතිව් – නයාරු ධීවර වරායේ ඊයේ රාත්‍රියේ හට ගත් ගින්නකින් එහි දේපළවලට දැඩි අලාභ හානි සිදුව තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ වරායේ පිහිටා තිබූ ධීවර වාඩි 8ක් සම්පූර්ණයෙන් ගිනි ගෙන විනාශ වී ඇති බවයි.
ධීවර කටයුතු සඳහා භාවිතා කරන මාදැල්, ධීවර ආම්පන්න සහ බෝට්ටු එන්ජින් ගබඩා කර තිබූ වාඩි 8කුයි මෙලෙස ගිනිගෙන ඇත්තේ. ගින්නට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ.
