Gossips

නම ඉවත් කිරීම ගැන හිටපු ජනපති කථා කරයි

මහින්දෝදය විද්‍යාගාරවලින් එම නම ඉවත් කළ පසුබිමක ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයට අත්වන ඉරණම පිළිබඳ පුදුමයක් නොමැති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා.
අපවත්වී වදාළ කෝට්ටේ ශ්‍රී කල්්‍යාණි සාමග්‍රි ධර්ම මහා සංඝ සභාවේ සීනාදි සිව් කෝරලයේ ප්‍රධාන සංඝ නායක ශාස්ත්‍රවේදී මාදෝවිට පඤ්ඤාකිත්ති නාහිමියන්ට අවසන් ගෞරව දැක්වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු ලබාදෙමින් ඔහු මේ බව කියා සිටියා.
පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධනද එම අවස්ථාවට එක්වුණා.