Gossips

නබිතුමන්ගේ ඡන්ම දිනය අදයි

ශුද්ධ වූ මොහොමඩ් නබි තුමන්ගේ ඡුන්ම දිනය හෙවත් මිලාද් උන් නබි උත්සවය අදට යෙදී තිබෙනවා.
ඒ වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළේ මුළු ජීවිතය පුරා වහල් ජනයාගේ නිදහස වෙනුවෙන් කටයුතු කළ නබි තුමා, සුරා කෑමට එරෙහි වූ බවයි.
නබි තුමන් සුරැකි ගුණාංග හා මිනිසත්බව වෙනුවෙන් කළ කැප කිරීම්, එකිනෙකා අතර භේදය හා වෛරය පැතිරුණු මෙකල අප සියල්ලන් විසින් පරමාදර්ශයට ගත යුතු බවයි ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ.
මේ අතර, ශුද්ධ වූ මොහොමඩ් නබි තුමාගේ ඡුන්ම දිනය නිමිත්තෙන් පණිවුඩයක් නිකුත් කරන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කළේ ලොව ඉස්ලාමීය රටවල් හා ජාත්‍යන්තර සංවිධාන ශ්‍රී ලංකාවට සැමදා කොන්දේසි විරහිත සහය ලබාදී ඇති බවයි.
එලෙස ලබාදුන් අන්තර් ජාතික සහයෝගයට කෘත්‍යතාව ප්‍රකාශ කිරීම සඳහා මෙය අවස්ථාවක් කර ගන්නා බවයි අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ.
එමෙන්ම හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ද නබි තුමාගේ ඡුන්ම දිනය වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ වත්මන් සමාජයට නබි තුමාගේ ජීවිතයෙන් උගත හැකි පාඩම් රැසක් පවතින බවයි.