Gossips

නදිමාල් පෙරේරාගෙන් සහ හිටපු බන්ධනාගාර නියාමකගෙන් ප්‍රශ්න කිරීම ඇරඹේ

ඩුබායි රාජ්‍යයෙන් පිටුවහල් කර මෙරටට පැමිණි ගායක අමල් පෙරේරාගේ පුත් නදිමාල් පෙරේරා සහ හිටපු බන්ධනාගාර නියාමකවරයෙකු වන කෝදාගොඩ ආරච්චිගේ ලලිත් කුමාර යන දෙදෙනාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වනවිට ප්‍රකාශ සටහන් කරගනිමින් සිටිනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර කියා සිටියේ අද උදෑසන 6.15 ට පමණ ෆ්ලයි ඩුබායි ගුවන් සේවයට අයත් එෆ්.ඉසෙඞ් 547 දරණ යානයෙන් ඔවුන් දෙදෙනා මෙරටට පැමිණි බවයි.
අනතුරුව ඔවුන් ආගමන විගමන නිලධාරින් විසින් ජාතික බුද්ධි තොරතුරු කේන්ද්‍රය හරහා ගුවන්තොටුපල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් වෙත භාරදීමෙන් අනතුරුවයි මෙලෙස ප්‍රශ්න කිරීම් ආරම්භ කර ඇත්තේ.rnrnrn