රජයේ සේවකයින්ට ප්‍රමාදයකින් තොරව ප්‍රසාද දීමනා ලබාදීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන පවසනවා.
නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අතර, ඊයේ (11) පැවති විශේෂ සාකච්ඡාවේදී මේ බව ජනාධිපතිවරයා කියා සිටි බවයි ඔහු සදහන් කළේ.
ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවති මෙම සාකච්ඡාවේදී වර්තමාන දේශපාලන තත්ත්වය සහ අධිකරණ තීන්දුවෙන් පසුව ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සාකච්ඡා වී තිබෙනවා.
