Gossips

නත්තල් දා ට්‍රම්ප්, හදිසියේ ඉරාකයේ සිටින ඇමරිකානු සෙබළුන් හමුවෙයි

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඔහුගේ බිරිඳ මෙලානියා ට්‍රම්ප් ඉරාකයේ සිටින ඇමරිකානු හමුදා සෙබළුන් හමුවී තිබෙනවා.
නත්තල් දින රාත්‍රියේ හමුදා සෙබළුන් පුදුමයට පත් කරමින් ඔවුන් දෙදෙනා ඉරාකයට පැමිණි බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
එහිදී ට්‍රම්ප් විසින් ඇමරිකානු සෙබළුන් ඉරාකය තුළ සිදුකරන මෙහෙය අගය කර ඇති අතර, ඔවුන් සමඟ සෙල්ෆි ඡායාරූපවලටද පෙනී සිටියා.
ඉරාකය තුළ අයි.එස්. ත්‍රස්තවාදීන්ට එරෙහිව ඇමරිකානු සෙබළුන් 5,000 ක් පමණ මෙහෙයුම්වල නිරතවන අතර ඔවුන් ඉවත් කරගැනීමට තවමත් සුදානමක් නොමැති බවයි ජනාධිපති ට්‍රම්ප් ප්‍රකාශ කළේ.