Gossips

නඩු මගට බැසීමට රාජ්‍ය ඇමති සුජීව සූදානමින්

තමන් ඇතුලූ අමාත්‍යවරුන්ට පදනම් විරහිතව අල්ලස් චෝදනා එල්ල කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා වගකිවයුතු බව රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ පවසනවා.
කොළඹ අද පැවති උත්සවයකදී ඔහු ප්‍රකාශ කළේ එවැනි චෝදනා එල්ල කරන පුද්ගලයින් සඳහා දඩුවම් කිරීමට මෙරට කිසිදු ආයතනයකට නීතිමය බලයක් නොමැති බවයි.
‘‘ අපි දේශපාලනඥයෝ වශයෙන් පිරිසිදුව අද වෙනකල්දේශපාලනය කරලා තියෙනවා. හැබැයි අපිට මඩ ගහන්න, අපිට නිග්‍රහ කරන්න, අපේ දෙමාපියන්ට දුක ඇති කරන්න. මගේ අම්මා කතා කරලා අහනවා ඇයි මේ මඩ ගහන්නේ ඔයාට. ගමේ යහපාලනේ ගෙනැල්ලා ඕනම පුද්ගලයෙකුට රූපවාහිනිය ඉස්සරහට ඇවිල්ලා චෝදනාවක් කරන්න පුළුවන් නීතියෙන් කිසිම ප්‍රතිකර්මයක් නෑ දඩුවම් කරන්න. ඕනම මෝඩයෙක්ට ඕනම බූරුවෙක්ට ඇවිල්ලා කියන්න පුළුවන් මේ අමාත්‍යතුමා අපෙන් කොමිස් මුදලක් ඉල්ලුවා. 10‍% ක් කියනවාල 5‍% ක් කියනවා. දැන් සුමාන තුන හතරක් මාධ්‍ය බලාගෙන ඉන්නේ අපිට මඩක් ගහනකල්. මම මඩ ගහන්න දෙන්නේ නෑ. සියළුම මාධ්‍ය ආයතන වලට විරුද්ධව මම නඩු දානවා. මම නීතිඥවරු හම්බවෙලා තියෙන්නේ. වල් බූරු මාධ්‍ය නිදහසක් මේ රටේ ඇතිකරලා තියෙනවා. කියන්න තියෙන්නේ සුජීව සේනසිංහ අපෙන් පගාවක් ඉල්ලුවා කියලා විතරයි කාට හරි ටීවී එකට එන්න ඕන නම්, නම් හදාගන්න. මාධ්‍ය වට කරලා මේක ගහනවා. ගහලා ඊට පස්සේ දානවා මලික් සමරවික්‍රම ප්‍රතික්ෂේප කරයි. සුජීව සේනසිංහ ප්‍රතික්ෂේප කරයි එච්චරයි නිවුස් එක. ඉතිං අපි දේශපාලනය කරනවද නැත්නම් හොරුන්ට මේක ඉතුරු කරලා යනවද කියලා අපිට තීන්දු කරන්න වෙනවා ඉදිරියේදී. මේකට ජනාධිපතිතුමත් අගමැතිතුමත් වගකියන්න ඕන. නායකයෝ වශයෙන් තීන්දු තීරණ ගන්න ඕන’’