Gossips

නඩුවලට බයේ විරෝධතා සිදුකරන බවට එජාපයෙන් චෝදනා

අධිකරණවල විභාග වෙමින් පවතින නඩු වලට බිය වී ඒකාබද්ධ විපක්ෂයේ පිරිස් විරෝධතා රැළි සංවිධානය කරමින් ආණ්ඩුව අපහසුතාවයට පත් කිරීමට උත්සාහ කරමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් පවසනවා.
නඩු කටයුත්තක් සඳහා අලුත්කඩේ උසාවි සංකීර්ණය වෙත පැමිණි අවස්ථාවේදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් ඔහු මේ බව කියා සිටියා.