Gossips

නඩත්තු කටයුත්තකට ගිය විදුලි සේවකයන් දෙදෙනෙකුට පහරදෙයි

නඩත්තු කටයුත්තකට ගිය විදුලි සේවකයන් දෙදෙනෙකුට පුත්තලම – කරඹ ප්‍රදේශයේදී පහරදීමක් සිදුකර තිබෙනවා.
ඊයේ (03) මෙම පහරදීම සිදුව ඇති බවයි නොරොච්චෝලේ පොලීසිය සඳහන් කළේ.
පහරකෑමට ලක්ව ඇත්තේ නොරොච්චෝලේ විදුලි උප කාර්යාලයේ නඩත්තු අංශයේ සේවකයන් දෙදෙනෙක්.
පහරදීමේ සිද්ධියට සම්බන්ධ එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.