මලයාසියාවේ හිටපු අගමැති නජීබ් රසාක්ගේ බිරිඳ වන රොස්මා මන්සූර් එරට දූෂණ මර්දන කොමිසම අද අත්අඩංගුවට ගත්තා.
මුදල් විශුද්ධිකරණය සහ තවත් නීතිවිරෝධී ක්‍රියා සම්බන්ධයෙන් ඇයට චෝදනා එල්ලවී ඇති බවයි විදෙස් මාධ්‍ය අනාවරණ කළේ.
නජීබ් රසාක්ගෙන්ද මෙවැනිම චෝදනා යටතේ මලයාසියානු දූෂණ මර්දන කොමිසම ප්‍රශ්න කළ අතර, ඉන් ප්‍රධාන වන්නේ රජයේ සංවර්ධන අරමුදලෙන් ඇමරිකානු ඩොලර් මිලියන 700 ක මුදලක් සිය පෞද්ගලික ගිණුමට හුවමාරු කරගැනීමයි.