Gossips

නගරාධිපති කසල ට්‍රැක්ටරයෙන් රැස්වීමට පැමිණෙයි (ඡායාරූප)

වව්නියාව නගර සභාවේ නගරාධිපති කසල ප්‍රවාහනය කරන ට්‍රැක්ටරයක නැගී අද වව්නියාව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ රැස්වීමට සහභාගී වුනා.
තමන්ට වාහනයක් ලබා නොදීමට විරෝධය පළ කරමින් නගරාධිපතිවරයා මෙලෙස පැමිණ ඇති බවයි අප වාර්තාකරු කියාසිටියේ.
තමන්ට නිකුත්කර ඇති වාහනය අලුත්වැඩියාවන් සඳහා යොමුකර ඇති බැවින් මෙතෙක් තමන්ට ගමන් කිරීමට වාහනයක් නොලැබීම හමුවේ මෙලෙස ට්‍රැක්ටරයක නැගී පැමිණි බව නගරාධිපති ඊ ගෞතම් සඳහන් කළා.
වාහනයක් ලබාදෙන තෙක් රාජකාරී ගමන් සඳහා කසල ට්‍රැක්ටරයේ නැගී යාමට බලාපොරොත්තුවන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.




ඡායාරූප – වව්නියාව මාධව කුලසූරිය